Hot!

Other News

More news for your entertainment

Athula Amaya Belated Wedding

අතුල අමායා පසු විවාහය
ගායක අතුල අධිකාරි සමග නිරූපිකා අමායා විවාහවී කලක් ගතවුවත් ඔවුනගේ මංගල උත්සවයක් වෙනම ගෙන තිබුනේ නැත. පසුගියදා මහනුවර අමායා හිල්ස් හෝටලයේදී ඔවුනගේ විවාහය උත්සවාකාරයෙන් පැවැත්වූ අයුරු දැක්වෙන ඡායාරූප ගැලරිය පහතින්
http://ift.tt/2wjNOmt
Photography by : Kingsley Perera,Retouched by : Niranja Imaging, Dressed by : Salon Shani ,Traditional Groom Attire : PVS Jayarathne ,Decors : The Flower Weddings (Buddhika ) , Boquet : Manjula, Location : Amaya Hills, Kandy

ඉදිරියේ දී සහල් මිල තවත් අඩුවිය හැකියි

Rishard-Bathiudeen_23_11

ඕනෑම අයෙකුට සහල් ආනයනය කිරීම සදහා අවස්ථාව සළසා දී ආනයනික සහල්වලට පනවා තිබූ උපරිම සිල්ලර මිල ඉවත්කළ බව අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසනවා.  වව්නියාවේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා කියා සිටියේ මෙතෙක් ආනයනික සහල් වෙනුවෙන් පැනවූ උපරිම සිල්ලර මිල ඉවත් කිරීමට අවසන් ජීවන වියදම් කමිටුවෙන් තීරණය කල බවයි.

අමාත්‍ය වරයා මේ බව කියා සිටියේ වව්නියාවේ පැවති උත්සව අවස්ථාවකට සහභාගී වෙමිනි.

"අවසන් වරට පැවති ජීවන වියදම් කමිටුවේදී මලික් සමරවික්‍රම ඇමති වරයාගේ ප්‍රධානත්වයෙන් යුතු අමාත්‍යවරුන් අට දෙනෙකුගේ සහභාගීත්වයෙන් ආනයනික සහල් වෙනුවෙන් මෙතෙක් පැනවූ උපරිම සිල්ලර මිල ඉවත් කිරීමට පියවර ගත්තා ඒ වගේම දැන් ඕනෑම කෙනෙකුට හෝ පිරිසකට සහල් ආනයනය කරන්න පුලුවන්' මෙහිදී අපි බලාපොරොත්තු වෙන්නේ ආනයනික සහල් මීට පෙරදී පැවති උපරිම සිල්ලර මිලටත් වඩා අඩු මිලකට පාරිභෝගික ජනතාවට ලබා දීමට අවස්ථාව උදා වෙයි කියලා."

"ඒ වගේම තමයි මේ වන විට සීනි වෙනුවෙන් රුපියල් අටක බද්දකින් වැඩි කිරීමට ජීවන වියදම් කමිටුව තීරණය කරලා තියනවා ඒක ලෝක වෙළඳ පොලේ පවතින මිල ගනන් වලට අනුව තමයි වැඩි කරන්න අපි සියලු දෙනා එක්ව තීරණය කලේ නමුත් සීනි සඳහා රුපියල් 8 ක බද්දක් වැඩි වුනාට පාරිභෝගික ජනතාවට මුලින් පැවති මුදලටම සීනි ලබා දෙන්නට තොග වෙළෙන්ඳන් හා සිල්ලර වෙළෙන්ඳන් කටයුතු කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා"

වන්නි රොමේෂ් මධුෂංඛ

ශ්‍රී ලංකා ක්‍රිකටර්ස්ලාගේ බිස්කට් තහනම




ශ්‍රී ලංකා ක්‍රිකටර්ස්ලාගේ බිස්කට් තහනම

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ට සිය ක්‍රීඩා විවේකාගාරය තුළ බිස්කට් කෑම තහනම් කර තිබෙන බව කළමනාකරු අසංක ගුරුසිංහ විදෙස් මාධ්‍ය වෙත පවසා තිබේ.
මෙම තීරණය ලබාගත්තේ
ශ්‍රී ලංකා ක්‍රිකට්

භෞත චිකිත්සක,අභාස පුහුණුකරු සහ තරග අතරවාරියේ ආහාර ප්‍රධානී තනතුරු දැරූ අයගේ විශේෂ උපදෙසක් බවද ඔහු පවසා ඇත.
මේ ගැන ක්‍රීඩකයින් හා කළමනාකරු අතර ගැටුමක් ඇතිවූයේද යන්න විමසීමේදී ගුරුසිංහ එය ප්‍රතික්ෂේප කර ඇත.
මේ ගැන සමාජ මාධ්‍ය තුළ පළවූ පෝස්ටු කිහිපයක් පහතින්



හජ් වන්දනාවට කටාර් බැතිමතුන්ට තහනම් නෑලු

පසුගිය කාලයේ අරාබි රටවල් රැසක් මගින් කටාර් රාජ්‍ය වෙත පනවා තිබූ රාජතාන්ත්‍රික සම්බාධක හජ්
වන්දනා
සමයේදී අදාළ කර නොගෙන වන්දනාවේ පැමිණෙන බැතිමතුන්ට දේශසීමා විවාත කිරීමට සෞදි අරාබිය තීරණය කර තිබේ.
මුලදී මෙම පිළිවෙතට අවසර නොතිබූ අතර කටාර් රාජකීය පවුලේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකු සෞදි බලධාරීන් සමග සෘජුව සාකච්චා කර අදාළ අවසරය ඉල්ලා ඇත.
පසුගිය ජුනි මාසයේ සිට කටාරය ත්‍රස්තවාදයට සහාය දෙන බවට චෝදනා කරමින් අරාබි රාජ්‍යයන්  සබඳතා අත්හැර තිබුණි.